අසදෘෂ්‍ය මහා දානයේ තිරය පිටුපස කථාව...


Posted on March 07, 2017 at 9:00 PM


මෙහි සුන්දරත්වය අපුර්වත්වය දැක ඉරිසියා කරමින් පුහු සම්ප්‍රදායික මිථ්‍යාමත දරමින් මෙලෙස දානය දීම තම තමන්ට කළ නොහැකි නිසා වෛර කරමින් අපා ගත වීමට සුදානම් වූ අය බොහෝය... මෙලෙස දානයකින් පුද පූජා ලැබීමට සසරේ පෙර බොහෝ පිං කළ කෙනෙකු විය යුතුය. අන්න ඒ කරුණ නිසයි උන්වහන්සේ භාග්‍යවත් වන්නේ.





           බොහොමයක් වත්මන් අප රටේ මිනිසුන් දෙයක් කරන්න අත හිත දෙනවට වඩා සිදු කරන්නේ කරපු දෙයක් විවේචනය කරන එකයි. මේ අනුව බලන කල සිරි සදහම් ආශ්‍රමයේ පසු ගිය 24 වැනි දා පැවති මහා දානයට අප සමාජයේ බහුතරයක් දෙනා දොස් නැගීම සාධාරණය. එසේ දොස් නගන බොහෝ දෙනෙක් ආශ්‍රමයට පැමිණ හෝ තිබෙන තැන පිළිබඳව හෝ කිසිඳු අදහසක් නැත. එමෙන්ම බෞද්ධ දර්ශනය හෝ එහි විකාශනය පිළිබඳව ද කිසිඳු අදහසක් නැත. මව පියා බෞද්ධ වූ පමණින් උපතින් බෞද්ධ වී හුදු බෞද්ධ සම්ප්‍රදාය පමණක්, බෞද්ධ දර්ශනය-බුදුන් වහන්සේ ඉගැන්වූ මහා ධර්මය ලෙස උගන, ඒ අනුවවත් ජිවත් නොවන අති බහුතර පිරිස මෙසේ දෝෂාරෝපණ ඇසින් මෙදෙස බලන්නේ දානය පාටියක් කරගෙනය... අසිරිමත් තෙමගුල සමරන වෙසක් මංගල්‍ය වෙනුවෙන් ඔලු බක්කෝ නටා ගෙන, මත් වතුර සහ මත් ද්‍රව්‍ය භාවිතා කරමින්, මහ පාරේ කෑ ගසමින් හූ තියන, බෙර ගසමින් සිංදු කියමින් කොළඹ වෙසක සිරි නරබන්න යන දහසකුත් ලොරි රථ මොවුනට විකාර නටන පිස්සන් ලෙස නොපෙනෙන්නේ මන්ද යන්න අප විමසා බැලිය යුතුය. දන්සලක් සංවිධානය කොට, මිනිසුන්ට හිරි හැර වන අයුරින් දන්සල වෙත මිනිසුන් පෙරැත්ත කරමින් අද්දවා, දන්සල අසලින් යන ස්ත්‍රීන්ට පාරේ ගමන් කිරීම වලක්වා දුරකතන අංක ඉල්ලා නොයෙක් විහිළු තහළු කිරීම, එමෙන්ම දන්සල අවසානයේ මත් වී, බුදු ගුණ දැමු ස්පිකරයෙන්ම nonstop දමා නටන එවුන් මොවුනට පිස්සන් ලෙස-බුදු දහම විනාශ කරන එවුන් ලෙස නොපෙනෙන්නේ මන්ද යන්න අප විමසා බැලිය යුතුය... මෙතරම් සැලකිය යුතු බුදු දහමට නිගා වන කරුණු කරනා තිබියදී, එදා කොසොල් රජු, අනේ පිඩු සිටුතුමා, විශාකා මහ උපාසිකාව වැනි අය දන් දුන් ලෙසින් දෙන දානය, මොවුනට පාටියක් ලෙස පෙනේ. එදා බුදුන් දවස කොසොල් රජු දුන් අසදෘෂ්‍ය මහා දානයේ කන්‍යාවන් දෙදෙනෙක් සෑම සංඝයාවහන්සේ නමක් දෙපසම සිට චාමර පවන් සලා ඇත. අද මෙලෙස දානයක් දුන හොත් එම දානය night club party එකක් ලෙස හුවාදක්වනවා සිකුරුය. එදා මෙම අසදෘෂ්‍ය මහා දානයට දොස් නැගුවේ නිඝන්ටයන්ය. ඒ අනුව බලන කල එදා සිටි නිඝන්ටයන් අද සමාජයේ බෞද්ධ උප්පැන්න සහතිකයක් සහිතව ඇත... මෙවැනි දානයක් සසර මඟ අවසන් කළ උතුමන් කෙනෙකු වෙනුවෙන් පූජා කිරීම මහත්පල මහා ආනිසංස ගෙන දෙන මහා පුණ්‍ය කර්මයකි. එහි හිමිකාරත්වය සිරි සදහම් කැපකරු දායක සභාව, විධායක සභාව හා තරුණ එකමුතුව සමසේ ලබාගත්තේ පිං කැමති ඔබ සැමට දායක වීමට සහ දැක සතුටු වීමට සිරි සදහම් මාධ්‍ය ඒකකයට අවස්ථාව ලබා දෙමිනි. එය ඉතා අපූරුවට ජයාරූප ගතකල මාධ්‍ය ඒකකය ඔබට දැක සතුටුව අනුමෝදම් වීමට අවස්ථාව ලබා දුනි. නමුත් මෙහි සුන්දරත්වය අපුර්වත්වය දැක ඉරිසියා කරමින් පුහු සම්ප්‍රදායික මිථ්‍යාමත දරමින් මෙලෙස දානය දීම තම තමන්ට කළ නොහැකි නිසා වෛර කරමින් අපා ගත වීමට සුදානම් වූ අය බොහෝය... මෙලෙස දානයකින් පුද පූජා ලැබීමට සසරේ පෙර බොහෝ පිං කළ කෙනෙකු විය යුතුය. අන්න ඒ කරුණ නිසයි උන්වහන්සේ භාග්‍යවත් වන්නේ. ඒ වගේම මෙලෙස කැප කිරීමෙන් වැඩ කරන දායක සභාවක් අන්කිසිඳු ආරාමයක නැතුවාට සැක නැත. නිදි වර්ජිතව වුවද පිංකමේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙස මහන්සි වන නිසයි ඔවුනට කැපකරු දායක සභාව ලෙස හැදින්වන්නේ... මහා මුනින්ද්‍රයන්වහන්සේගේ සිසු පිරිස, දයාක සභාවන් සියල්ල මෙහෙයවමින් සිය හැකියාවන් සියල්ල පිංකමේ සාර්ථකත්වය උදෙසා කැප කළේ, පුරා සතියක් පිරිත් දේශනාවන් අඛණ්ඩව පවත්වා ගනිමිනි. චක්‍රවර්ති රජ කෙනෙකු හට පවතින පුත්‍ර රත්නය සේ උන්වහන්සේ වටා ශිෂ්‍ය රත්නයන් පිරිවරා සිටී. මේසා සියල්ල පිටු පස්සේ ඇත්තේ මහා තනි පෞර්ෂයක්ය. ඒ අන් කවුරුවත් නොවේ භාග්‍යවත් මහ මුනීන්ද්‍රයන්වහන්සේය... මාධ්‍ය ඒකකයට මෙය ඩිජිටල් ලෝකයේ රූ සිත්තම් කිරීම පහසු වූවා සේම, එම රූ සිතුවම් බලා ඔබට ගුණදොස් නගන්නට පහසු වුවත් මෙම මහා දානය සඳහා සියල්ල සුදානම් කෙරුනේ මාස දෙකක කාලයක සිටිය...