අසරණ වූ කතෝලික විභාවනයේ සභාපතිගේ දුක් ගැනවිල්ලට විසඳුම


Posted on April 26, 2017 at 7:00 AM


කතෝලික විභාවනය විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයට පිලිතුරු ලෙස දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමවාසී ධමම්ජාත හිමියන් විසින් නිකුත් කර ඇති නිදෙව්නය මෙසේය.

කතෝලික විභාවනය No 109/8 කහටගහවත්ත මාවත, දම්පේ පාර , මඩපාත, පිළියන්දල .


           කතෝලික විභාවනයේ සභාපති යයි හඳුන්වා ගන්නා චිරන්ත ඇන්තනි අමරසිංහ මහතාගේ අදෝනාව දිනෙන් දින වැඩි වන්නේ සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ දේශනා කරනු ලබන ගැලවීමේ මාර්ගය ශ්‍රවණය කොට බොහෝ ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන් සසර දුක නිවාගෙන බෞද්ධයන් බවට පත් වන ප්‍රවනතාව දිනෙන් දින ඉහල යන නිසාය.

අප ආශ්‍රමයට බොහෝ අන්‍යාගමික පිරිස් පැමිණේ. එසේ පැමිණෙන්නේ අන් කරුණක් නිසා නොව පුජනීය අරහත් මුනින්ද්‍රයන්ගේ ධම් දෙසුමෙන් සිත් නිවෙන නිසාය. කතෝලික බැතිමතුන් බොහෝ සෙයින් සිරි සදහම් ආශ්‍රමයට පැමිණ පවසන්නේ ඔවුනට ගැලවීමේ මාර්ගයක් දේශනා කරන කිසිවෙකුත් හමුවීනැති බවත් ඔවුන්ට ඒ ප්‍රතිපදාව නිවැරදිව පියවරෙන් පියවර දේශනා නොකරන බවත් ඔවුන් ධර්මය සම්බන්ධ යම් හරස් පැනයක් විමසු විට ඔවුනට බැන වදින බවත් නිදහස් අදහස් විමසීමට ඇති අයතිය විමුක්ති මාර්ගය පිළිබඳව විමසු විට වටේ යනු කරුණු පේනවා මග හරින බවයි.

බුදු දහම තුල කිසිවෙකුට තර්ක කිරීමේ, ප්‍රශ්න කිරීමේ හා විමසීමේ සීමාවක් නොමැත. තථාගත දේශනාවේ ඇත්තේ තමන්වහන්සේගේ බුද්ධත්වය පිලිබඳ යම් අයෙකුට සැකයක් ඇතිනම් එය විමසන ලෙසය.( මජ්ජිම නිකාය – විමංසක සුත්‍රය- මුලපන්නාසක ). එසේ හෙයින් කතෝලිකයන් සිය ගණනින් සිරි සදහම් ආශ්‍රමයට පැමිණේ. චිරන්ත වැනි හිස් මිනිසුන්ට දර්ශනයක් නැත. දහමක් ප්‍රතිපදාවක් මතයක් නැත. අඩුම තරමේ ඍජුව පැමිණ කතා කර ගැනීමට වත් කොන්දක් නැත. මිට මාස කිහිපයකට පෙරද මෙම පුද්ගලයා මා හට දුරකථන ඇමතුමක් දී පැවසුවේ අප ඇවිත් සමන්තභද්‍ර ව පරදන බවයි. නමුත් මෙම කතෝලික විභාවනයෙ සභාපති වන චිරන්ත ඇන්තනි අමරසිංහ තවම ඒ සඳහා සුදානම් වෙමින් පවතී. ඇත්තෙන්ම ඔවුන් විසින් පල කල අප ආශ්‍රමයේ මාධ්‍ය අංශය සතු වීඩියෝව විකෘති කොට පල කල නිසා අපට එය අවහිර කිරීමට සිදුවිය. එහි සැබෑ වීඩියෝ ව මෙතනින්

එසේම මෙම කතෝලික විභාවනයෙ සභාපති පවසන්නේ මෙම වීඩියෝව නිසා අප කලබල වී ඇති බවය. අපට කීමට ඇත්තේ ඇත්තෙන්ම කලබල තැතිගෙන බිය වී ඇත්තේ ඔබ හා ඔබේ නිරුවත් සභාවය. වීඩියෝව ව්කෘති කොට ඔබ විසින් පල කල ඇත්තේ ද එමනිසාය. මක් නිසාද බොහෝ කතෝලිකයන් ඒ දහම සොයා අප ආරාමයට පැමිණන බැවිනි.

එසේම රහතුන්ට වන්දනා කරන ගාථාව ගැන ඔබ ප්‍රශ්න කරයි. ඇත්තෙන්ම සංඝයාහට වන්දනා කරනා ගාථාවන් ඔබ දන්නේ නැත. බත් විවේචනය කල යුත්තේ බත් අනුභව කල අයෙකු මිස අසුචි බුදින උරෙකු නොවේය. එමනිසා ඔබට බුදු දහම ගැන හෝ රහතුන් ගැන කතා කිරීමට ඔබට කිසිඳු අයිතියක් නොමැත. අප දන්නා තරමින් නම් ජේසුස් වහන්සේ දේශනා කල ධර්මයෙන්, උන්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයන් හා උන්ව්හනස්සේ මෙන්ම ඒ සත්‍යයේ පණිවිඩය දේශනා කල ශාන්තුවරයන් වහන්සේලා කීහිපදෙනා ගැලවුනා මිසක වෙනයම් අයෙකු ගැලවී විමුක්තියට පත්ව ඇති බව නම් අප අසා නැත.

අනෙක් කරුණ නම් රහත් වුවත් පිළියන්දල දී අප හට එල්ල වූ මැර භික්ෂු ප්‍රහාරය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේට වැලක්වීමට නොහැකි වූ බව පවසයි. ඇත්තෙන්ම ඔබට යමක් මතක් කර දීමට කැමැත්තෙන් සිටිමි. සත්‍යාවබෝධ කල මුනිවරු ලොවට පැමිණෙන්නේ හිංසාවට, අපහාසයට හා චෝදනාවට ලක්වීම තුලින් විමුක්ති මාර්ගය දෙශ්නා කිරීමට මිස මායාවන් විජ්ජාවන් දැක්වීමට නොවේය. මා හට මෙලෙස හැඟෙයි, ජේසුස් වහන්සේ කුරුසිමත් කල අවස්ථාවේ, ” ඔබ දෙවියන් වහන්සේගේ මහ ලොකු පුත්‍රයා නම් ඔය කුරුසයෙන් බැස පෙන්නවන්න” . ලෙස උන්වහන්සේට අභියෝග කලේ ඔබ වැනි, මුනිවරුන්ගෙන් විජ්ජාවන් බලාපොරොත්තු වන හිස් මිනිසුන්ය.

සභාවේ සභාපති තුමනි මෙලෙස මෝඩ අඥාන ප්‍රකාශ නොපවසන්න. ඔබගේ දහමවත් හරි හැටි නොදන්නා ඔබ මෙලෙස බුදු දහමට අත තැබීමට යෑම හා බුද්ධ දර්ශනය හා රහතුන් පිලිබ්නද ප්‍රකාශ කිරීම සභාපති වරයා ලෙස ඔබ නියෝජනය කරන සභාවේම හිස් බව කියාපාන්නකි.

එසේම සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයන් අසත්‍ය බව ඔබ පවසයි. ඇත්තෙන්ම එය ඔබේ ඒකපාර්ශවික මතය වේ. නමුත් දැන් කල යුත්තේ මෙහි සත්‍ය අසත්‍යතාව පැහැදිලි කිරීමට අප අභිමුවට පැමිණෙනු විනා බොරු පුච්චන් ගසමින් බිෂොප් වරුන්ට හා සමාජ ජාලා වෙබ් අඩවි තුලින් තම හෙළුව වසා ගැනීමට ලිපි යැවීම නොවේය. අපි ඔබට අභියෝග කරන්නෙමු. ඔබ දැන් කල යුත්තේ ඔබතුමන්ලාගේ සංගමය හෝ පාර්ශවය නියෝජනය කරමින් ඔබලා පෙන්වාදෙන ගැලවීමේ විමුක්ති මාර්ගය නිවැරදි යැයි පෙන්වාදීමට සමර්ථයෙකු සොයා ප්‍රසිද්ධ මාධ්‍යක බුදු දහම හා කතෝලික දහම පිළිබඳව ගැඹුරු දාර්ශනික සංවාදයකට පැමිණීමට කටයුතු සැලැස්වීමය. එවිට පානදුරාවාදයේ දෙවැනි පියවර කුමක් දැයි සියලු ලක්වාසීන්ට නැවත දැක ගත හැක. එසේ නොමැතිව මෙම මෝඩ ප්‍රකාශයන් අප කිසිසේත්ම නොපිලිගන්නෙමු.

තවද ” පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී” ලෙස ඔබේ ලිපියෙහි දක්වා ඇත. ඇත්තෙන්ම ඔබේ සභාව කෙතරම් බියවී ඇත්ද යන්න ඉතා පැහැදිලිය. අපට නැවතත් කීමට ඇත්තේ ඔබ ලා විසින් බිහි කරන ලද එම ඉතාමත් නිවැරදි කතෝලික පුජකයන් සිටි නම් එයින් වඩාත්ම හොඳම උගත් හා ලොව පරම සත්‍ය අවබෝධකොට ගැලවීමේ මාර්ගය අවසන් කල පුජක තුමා තෝරා මෙම සංවාදය සඳහා අප වෙතට එවන ලෙසය.

එසේම සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ අනුගමනය කරන්නේ බෞද්ධ දර්ශනය නොවන බව ඔබ විසින් පවසා ඇත. ඔබට එසේ වැටහීම ඉතාම සාධාරණය මක්නිසාද ඔබ බෞද්ධ දර්ශනය පිලිබ්නදව අබ මල් රේණුවක තරම්වත් දෙයක් හෝ නොදන්නා නිසාය. ඇත්තෙන්ම එසේ ඔබට සිතෙනවා නම් කුමන කරුණක් නිසා ඔබ, උන්වහන්සේ හා මෙසේ පැටලී යන්නේද යන්න සිනහවට ඇති කරුණකි. ඇත්තෙන්ම ඔබලාට මෙතන ඇති ගැටලුව නම් දිනෙන් දින කතෝලික භක්තිකයන් බුදු දහම වැලඳ ගැනීම යුරෝපය ඇමෙරිකාව මෙන්ම මුළු ලොව තුලම ප්‍රවනතාවක් වූ කරුණක් නිසාය.

එසේම ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීම නොකළ යුතු බව සභාපති චිරන්ත ගෙන හැර දක්වයි. එසේනම් ජේසුස් වහන්සේ, සාම්ප්‍රදායික පල්ලියේ පුජකයන් හට පහර ගැසුවේ විවේචනය කලේ ඔවුන්ගේ මත ඛණ්ඩනය කලේ කුමන කරුණක් නිසා දැයි පහදාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ගෙන හැර දැක්විය හැක. සමස්ත කතෝලික පුජක ප්‍රජාව පිළිබඳව අප විවේචනය නොකළෙමු. අපට හිතවත් කතෝලෝක පියතුමන් බොහෝ සිටියි. ඔවුන් ගෞරවනීය පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේගේ දේශනා ශ්‍රවණය කරයි. අප යමක් මාධ්‍ය වෙත පවසන්නේ කරුණු කාරණා සහිතව හා කතෝලික බැතිමතුන් විසින්ම පවසන දත්ත වලට අනුවය.

එසේම කතෝලික සභාපති තුමා හට මා මෙයද මතක් කර දෙමි. සමන්තභද්‍ර යනු සියලු මනුෂ්‍යයන් අතර ආගමික සහජීවනයට මග කියන්නෙක් හා වංචාකාරයන්, දුෂිතයන් පිළිබඳව සත්‍ය සමාජයට හෙළි කරන්නෙකි. අප සතුව කිසි දිනෙක අන්තවාදී මත මෙන්ම අන්තවාදීන් ද නොමැත. මක්නිසාද සැමදා අන්තවාදීන් චින්තනයෙන් දුප්පත්ය. අප ආරාමයට පැමිණෙන්නේ මධ්‍යස්ත මත ධාරින්ය. ඔවුන් ධනවත් ව්‍යාපාරිකයන් හා දායකයන්ය. අනෙක් කරුණ නම් කතෝලික දහමට නිග්‍රහ කොට කිසි දිනෙක කතෝලිකයන් බෞද්ධයන් කල නොහැක.එසේම අප හට ශක්තිමත් වැඩ පිළිවෙලක් ඇත. හාල් හුන්ඩුවට, පරිප්පු හුන්ඩුවට මිනිසුන්ගේ මානව අයිතිය සූරා කමින් ආගමට හරවනඅන්තවාදීන් හට දැන් දොර වැසි ඇත. අප විසින් මිට වසරකට පමණ පෙර ආරම්භ කල මැල්සිරි පුර උමංදාව විහාර ආශ්‍රම පරිශ්‍රමයේද අවට සිටින ජනතාව දමෙසේ ඔවුන්ගේ අසරණ භාවය හේතුවෙන් අන්‍යාගමිකරණය ට ලක් වූ පිරිසකි.නමුත් දැන් තත්වය හාත්පසින්ම වෙනස් වි ඇත. අපි එම ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සහයක් විය.වෛද්‍ය සායන, දරුවන්ට නොමිලේ අධ්‍යාපනය, පාසැල් පොත් පත් හා උපකරණ. අඩු ආදායම් ලාභී පවුල් වෙත කිරි ගම්මාන අප විසින් ඉදි කළෙමු. එසේම පිණ්ඩපාතයෙන් ලැබෙන සියලු ද්‍රව්‍ය එම ජනතාවට බෙදා දීමට අප විසින් කටයුතු සලසා ඇත.එසේහෙයින් දැන් දැන් අන්තවාදීන්ට රතු එලිය වැටි ඇත.

චිරන්ත අමරසිංහලා වැන්නවුන් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ හා උන්වහසේගේ ශිෂ්‍යයන් හට මෙසේ අපහාස කරමින් කෑමොර දෙන්නේ අන් කරුණක් නිසා නොව චිරන්තලා වැන්නවුන්ට මිනිසුන් මුලා කරනමින් ආගම් ව්‍යාප්ත කිරිමේ අයිතිය දැන් අහිමි වී ගොස් ඇති නිසාත් ජනතාව පෙරට වඩා බුද්ධිමත් වී ඇති නිසාය. එමෙන්ම දැන් ඒ සියල්ල බුදු දහම තුල පවතින නිසාත්, නිවැරදි විමුක්ති මාර්ගය දේශනා කරන නිසාත් ඔබ වැන්නවුන් දැන් බුදු දහමට ඊර්ෂ්‍යා කරමින් සිටියි. කෙසේ වෙතත් කතෝලික විභාවනය සභාවේ සභාපාහි තුමා හට පවසන්නේ හැකි නම් එළඹෙන පොහෝ දින අප ආරාමයට පැමිණ අප සමග මුනට මුණ සංවාද කරන ලෙසය. එසේ නොමැතිව තමුන්ගේ හෙළුව වසා ගැනීමට මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවන්හි යෙදීම ජේසුස් වහන්සේ වැනි උතුම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකුගේ දහම ඔබ වන්නවුන් නිසා හැල්ලුවට ලක්වීමය .

ඔබට තෙරුවන් සරණයි!

  • මේ වගට,
  • සිරි සදහම් ආශ්‍රමවාසි භික්ඛූ ධම්ම ජාත