සියල්ල සිද්ධ වෙන දිහා මධ්‍යස්තව බලන්න


Posted on March 30, 2017 at 6:00 am


සියල්ල සිද්ධ වෙන දිහා මධ්‍යස්තව බලන්න. දෙමව්පියෝ හරි කැමති ළමයි තමන් කියන විධියටම ඉන්නවනම්. නමුත් එහෙම ඒ ළමයි ඉන්නේ නැහැ. ලෝකය වෙනස් වෙලා. ඒක නිහතමානීව තේරුම් ගන්න. අනික තමයි අද ලෝකේ හුගක් වෙනස්. අද ඉන්න ළමයි තරුණ පරපුර ඉතාම ඥානවන්තයි. ධර්මය දේශනා කරන කොට අපි ධර්මය දේශනා කරන්න ඕන වයසට ගියපු, මැරෙන්න ලං වෙච්ච අයට නෙවෙයි. අනාගතය භාර ගන්න ලේස්ති වෙලා ඉන්න තරුණ පිරිසට.


           තරුණ පිරිසට දේශනාවක් කරනකොට ඒ දේශනාව ප්‍රඥා ගෝචර දේශනාවක් වෙන්න ඕන. තර්කානුකුල වෙන්න ඕන. ඥානවන්ත වෙන්න ඕන. නැත්තම් ඔවුන් ප්‍රශ්න කරනවා. අද පුංචි ළමයෙක් අරන් බැලුවත්, ඒ ළමයා ගොඩාක් ඥානවන්තයි. ඒ ළමයි මේ හැම දෙයක් ගැනම ප්‍රශ්න අහනවා.

මට මතකයි එක ගෙදරක කුඩා ළමයෙක්, ඒ ළමයා අව්රුද්දට නිලා කූරු ගෙනත් පත්තු කරනවා. එතකොට ඒ ළමයාගේ අම්ම ඇවිල්ල කියනවා, “පුතා ඔය නිලා කූරු ගෙනල්ල පත්තු කරන එකෙන් වෙන්නේ, අපරාදේ සල්ලි නාස්තියක්. ඔය පුතා පුච්චන්නේ සල්ලි නේද?” එතකොට මේ ළමයා අම්මගෙන් අහනවාලු “එතකොට අම්මා හදුන්කූරු පත්තු කරන්නේ? එතකොට මොකක්ද වෙන්නේ?” කියලා.

ළමයි හුගක් ඥානවන්ත වෙලා. සමාජය තුල මිනිස්සු අලුතෙන් හිතන්න පටන් අරගෙන!. යුග පෙරලියක් සිද්ධ වෙලා. අපි මේවට ධර්මානුකූලව, ඥානවන්තව පිළිතුරු දෙන්න ඕන. එහෙම නැතිව හැගීම්වලට වහල් වෙලා සම්ප්‍රධායික කොටු වලට වහල් වෙලා උත්තර දෙන්න ගියෝතින් නූතන පරම්පරාව ආගමෙන් බැහැර වෙනවා. අද වෙලා තියෙන්නේ ඒක.

අද ආරාමයකට, පන්සලකට එන්නේ ඔක්කොම වයසට ගියපු අය. අද බුදු සසුණේ පැවිදි වෙන්නේ එක්කෝ ළමයි. එක්කෝ නාකි මිනිස්සු. තරුණ පිරිසක් මේකට එකතු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි සම්ප්‍රධායික මිත්‍යා විශ්වාස පස්සේ දුවනවා, අපි අපේ සම්ප්‍රධාය අලුත් කරමින්, අලුත් දේවල් සමාජයට හදුන්වා දෙන්නේ නැහැ.

බුදුකෙනෙක් පහල වෙනවා කියල කියන්නේ, ධර්මය පහල වෙනවා කියල කියන්නේ, සමාජය තුල තිබිච්ච, මේ තාක් ක්‍රියාත්මක වෙච්ච මිත්‍යා ප්‍රතිපදාවල් වල තියෙන මිත්‍යාව කුමක්ද කියලා නිර්භයව ප්‍රකාශ කිරීමයි...

-------- සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයානෝ -----------